Skip to main content

Posts

Featured

සුභ නැකැත් සෑදීම 1 සුභ මුහුර්ත හෙවත් "සුභ නැකැත්" පිළිබදව විස්තර කිරීම එක් ලිපියකින් කළ හැකි කාර්්‍යයක් නොවේ.නමුත් සුභ නැකැත් පිළිබදව වැටහීම ජ්‍යොතිෂවේදියාට පමනක් සීමා විය යුතුද නැත.සුභ නැකැත් තේරීම පළපුරුදු ජ්‍යොතිෂවේදියකු ලවා කල යුතු වුවත් සුභ නැකැත් සෑදීමේදී ජ්‍යොතිෂයේදී භාවිතා කරන අනුගමනය කෙරෙන ක්‍රම පිළිවෙත් ගැන සරල වශයෙන් හෝ අවබෝධයක් ලබාගෙන සිටීම කවදා හෝ ප්‍රයෝජනවත් වනු ඇත. සුභ කටයුතු සදහා නැකැත් සෑදීමේ ක්‍රම දෙකක් ජ්‍යොතිෂයේදී පෙන්වා දී ඇත. 1) මහා නක්‍ෂත්‍ර ක්‍රමය 2) චූල නක්‍ෂත්‍ර ක්‍රමය. මහා නක්‍ෂත්‍ර ක්‍රමය මහා නක්‍ෂත්‍ර ක්‍රමයේදී ජීවිතයේ වටිනා වැදගත් විශේෂ අවස්ථා(විවාහය,නිවෙස් ඉදිකිරීම ආදිය) සදහා කල්වේලා ඇතිව ඉතා සුපරික්‍ෂාකාරී ලෙස සාදා ගන්නා නැකැත් ක්‍රමයි. මෙහිදී අනිවාර්යයෙන්ම යෙදී තිබිය යුතු ශුභ කරුණු පහත දැකවේ.(ලිපියේ කරුණු හොදින් තේරුම් ගැනීමට මෙම ශුභ කරුණු යෙදෙන ආකාරය පිළිබදව සවිස්තර දැක්වීමක් අවශ්‍ය වුවත් මෙම ලිපිය ලියන්නේ සුභ නැකැත් හැදීම පිළිබදව හදුන්වා දීමක් පාඨක ඔබට ලබා දීමට නිසා එම සවිස්තර දැක්වීම් ලිපියේ සීමාව ඉක්මවය

Latest Posts